ලෝක ප්‍රකට තාක්ෂණික සමාගමක් වන Nvidia (NVDA.O) සමාගම මධ්‍යම සැකසුම් ඒකක (CPUs) සඳහා පුරෝකථනය කර ඇති ඩොලර් බිලියන 200ක දැවැන්ත වෙළෙඳපොළ ඉලක්කයට චීනය ද ඇතුළත් වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන් (Jensen Huang) ඉකුත් 23 වැනිදා ප්‍රකාශ කළේය.
පසුගිය බදාදා පැවැති සමාගමේ ඉපැයීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී ඔහු ආයෝජකයන් හමුවේ මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙතෙක් කාලයක් මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි පුහුණු කිරීම සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් පැවතියේ ග්‍රැෆික් සැකසුම් ඒකක (GPUs) සඳහාය. එහෙත් වර්තමානය වන විට ලොව පුරා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ සමාගම්, ස්වයංක්‍රීයව තීරණ ගනිමින් ක්‍රියාත්මක විය හැකි ‘ඇජෙන්ටික් AI’ (Agentic AI) පද්ධති වෙත සීඝ්‍රයෙන් නැඹුරු වෙමින් පවතී. මේ හේතුවෙන් මධ්‍යම සැකසුම් ඒකක (CPUs) සඳහා වන ගෝලීය ඉල්ලුම දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
ජෙන්සන් හුවාන් පෙන්වා දෙන්නේ Nvidia සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන “Vera” මධ්‍යම සැකසුම් ප්‍රොසෙසර (CPUs) මාලාව හරහා ඔවුන්ට මෙම ඩොලර් බිලියන 200ක නව වෙළෙඳපොළ වෙත පහසුවෙන්ම ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන බවයි. පුළුල් පාරිභෝගික පදනමක් සහ මෙම නැවුම් නිෂ්පාදන පෙළ හරහා සමාගමේ දැවැන්ත මූල්‍ය වර්ධනය අඛණ්ඩව පවත්වා ගත හැකි බවට ඔහු සහතික වී ඇත. සමාගමේ ප්‍රමුඛතම AI චිප්ස් (Flagship AI Chips) අලෙවියෙන් අපේක්ෂිත ඩොලර් ට්‍රිලියනයක සමස්ත ආදායම් ඉලක්කය ඉක්මවා යාමට මෙම නව උපායමාර්ගික පියවර බෙහෙවින් ඉවහල් වනු ඇති බවට ද හුවාන් විශ්වාසය පළ කරයි.














