2025/2026 වසර සඳහා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මස මැද භාගයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විටත් සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් අනුශාංගික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පවත්වනු ලැබුවා. මේ සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් වශයෙන් මුළු අයදුම්කරුවන් 451,463ක් පෙනී සිටියා.














