ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන් (DRC) ඉබෝලා (Ebola) වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) මහතා ප්‍රකාශ කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය මහා මණ්ඩල සැසිය අමතමින්, ඉරිදා (මැයි 24) දින ඔහු මේ බව අනාවරණය කළේය. හඳුනාගෙන ඇති සමස්ත සැක සහිත රෝගීන් 900කට අධික පිරිස අතරින් පුද්ගලයන් 101 දෙනෙකුටම ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මඟින් මේ වන විටත් ස්ථිරවම (Confirmed) තහවුරු වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
පවතින සෞඛ්‍ය අවදානම හමුවේ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය කණ්ඩායම් සහ කොංගෝ බලධාරීන් එක්ව මේ වන විට විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ සහ මර්දන වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කර තිබේ.














