ගම්පහ මාධ්‍ය සංවිධානයේ සුභසාධක සමිතිය විසින් සංවිධානය කළ නොමිලේ වෛද්‍ය සායනයක් ඉකුත් 23 වන දින කැලණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ දේශීය වෛද්‍ය ඒකකයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
මෙම වෛද්‍ය සායනයට සමගාමීව අක්ෂි පරීක්ෂාවන් සිදු කර ඇස් කණ්ණාඩි ලබා දීම, රුධිර පරීක්ෂාවන් සිදු කිරීම සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඇතුළු සේවා රැසක් සිදු කෙරුණා. මීට අමතරව, මනෝ උපදේශිකා සමන්ති බණ්ඩාර මහත්මිය විසින් සහභාගි වූ පිරිස දැනුවත් කරමින් විශේෂ දේශනයක් ද පවත්වනු ලැබුවා.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සඳුන් යාපා කරුණාරත්න, කැලණිය සජබ ප්‍රධාන සංවිධායක ටෙනිසන් ජෝර්ජ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.














