මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් 2026 මැයි 30 සිට ජූනි 01 දක්වා පැවැත්වෙන “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් කලාපය, මෙවර නවීන ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ ජනතාවට අලුත්ම අත්දැකීමක් ලබාදීමට සූදානම් වේ.
මෙම වෙසක් කලාපයේ විශේෂත්වය වන්නේ AI තාක්ෂණය භාවිතා කරමින් ජාතක කතා ඇසුරින් වීඩියෝ නිර්මාණය කිරීමේ ජාතික තරගාවලියයි. මෙම තරගාවලියට එක් වී ජයග්‍රාහකයෙකු වීමට ඔබටත් අවස්ථාව පවතී. ජයග්‍රාහකයින් සඳහා වටිනා ලැප්ටොප් පරිගණක, AI මෘදුකාංග Subscription හෝ ඒවාට සමාන මුදල් ත්‍යාග ඇතුළු ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනැමීමට නියමිතය.
තරගාවලියෙන් ජයග්‍රහණය කරන ලද ජාතක කතා නිර්මාණ මාතර නගරයේ පැවැත්වෙන වෙසක් කලාපය තුළ ප්‍රදර්ශනය කෙරෙන අතර, ඩිජිටල් තිර ඔස්සේ ජාතක කතා සහ නවීන තාක්ෂණික අත්දැකීම් නැරඹීමට ද ජනතාවට අවස්ථාව උදාවේ. ඩිජිටල් ජාතක කතා, LED තිර ප්‍රදර්ශන සහ AI තාක්ෂණික අත්දැකීම් මෙවර වෙසක් කලාපයේ විශේෂ ආකර්ෂණයන් වනු ඇත.














