මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම වැනි රටේ ආර්ථිකයට සෘජුවම බලපාන කරුණු යනු ඒ පිළිබඳ විශේෂිත තාක්ෂණික දැනුමකින් විග්‍රහ කළ යුතු සංකීර්ණ විෂයයන් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.එබැවින්, මෙවැනි තාක්ෂණික දැනුමක් නොමැති විවිධ පාර්ශ්වයන් විසින් මේ දිනවල සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශයන් සහ අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ජනතාව ඉතා අවධානයෙන් පසුවිය යුතු බව මහ බැංකුව නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.














