ආගමන විගමන විනිසුරුවරුන් විසින් ප්‍රසිද්ධියේ සිදුකරනු ලබන ප්‍රකාශ සීමා කරමින් පනවා තිබූ රජයේ ප්‍රතිපත්තියකට එරෙහිව ගොනු කර තිබූ නඩුවකින් ජයග්‍රහණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අද (26) සමත් විය. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් පහළ අධිකරණයක ලබා දී තිබූ තීන්දුවක් අවලංගු කරමින් නඩුව වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා යළි පහළ අධිකරණය වෙත යොමු කරන ලදී.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ක්‍රියාත්මක වූ මෙම ප්‍රතිපත්තිය මගින් ආගමන විගමන ගැටලු සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි දේ සීමා කර තිබුණි. මෙම තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ප්‍රකාශන සීමා කිරීමේ නීතිමය කරුණු හෝ අර්ථය පිළිබඳව සෘජුවම කරුණු දැක්වීමක් සිදු නොකළ බව සඳහන් වේ.














