තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ලෙස තේරී පත් වීමෙන් පසු ප්‍රථම වරට නවදිල්ලි නුවර වෙත ගිය සී. ජෝසප් විජේ මහතා අද (27) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. මෙම හමුවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන කටයුතු සහ ජනතාවගේ යහපත උදෙසා පවතින ගැටලු ගණනාවක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මෙම නවදිල්ලි සංචාරය ප්‍රාන්තයේ සහ මධ්‍යම රජය අතර පවතින සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමේ පියවරක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.













