මෙම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සම්බන්ධ කරමින් ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරකි. මෙම ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම සහ අදියරයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පහත දැක්වෙන සිතියම උපකාරී වනු මෙම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සම්බන්ධ කරමින් ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරකි. මෙම ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම සහ අදියරයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පහත දැක්වෙන සිතියම උපකාරී වනු #lkaඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා දිවෙන කිලෝමීටර් 19ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (29) ආරම්භ කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00ට පැවැත්වෙන උත්සවයකින් මෙම කටයුතු නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය අරමුදල් මගින් 2026 අය-වැයෙන් රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇති අතර, දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා පැකේජ 7ක් යටතේ ක්‍රියාත්මක වන මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් බිලියන 112ක ඇස්තමේන්තුගත මුදලකට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. රඹුක්කන සිට ගලගෙදර දක්වා මෙම මාර්ග කොටස 2027 මාර්තු මස අවසන් වන විට කාපට් අතුරා විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.1ක කොටසේ වැඩකටයුතු චීන එක්සිම් බැංකු අරමුදල් මත සිදුවන අතර, එය 2028 වසර අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇත.
කුරුණෑගල සිට දඹුල්ල දක්වා හතරවැනි අදියර යටතේ ඉදිකෙරෙන කිලෝමීටර් 60.3ක මාර්ගයේ ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු දැනට 73%ක් අවසන් වී ඇති අතර, ඉතිරි කටයුතු කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2000 වසරේදී සැලසුම් කර, පසුව විවිධ සංශෝධනවලට ලක් වූ මෙම ව්‍යාපෘතිය 2015 වසරින් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නැවත නිල වශයෙන් ආරම්භ විය. කඩවත සිට මීරිගම දක්වා කොටස නිම වූ පසු කොළඹ සිට කුරුණෑගල දක්වා ද, පොතුහැර-රඹුක්කන-ගලගෙදර කොටස් නිම වූ පසු මහනුවර (ගලගෙදර) දක්වා ද අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.














