මේ දිනවල වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් වයසේ (වයස අවුරුදු 5ත් 14ත් අතර) දරුවන් අතර මෙනින්ජයිටිස් රෝගය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණද, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය කසුන් බණ්ඩාර මහතා පවසයි.
රෝග ලක්ෂණ ලෙස තද උණ, තද හිසරදය, වමනය, බෙල්ලේ මාංශපේශීන්වල තද ගතියක් දැනීම සහ ආලෝකය දෙස බැලීමේදී අපහසුතාවක් දැනීම හඳුනාගත හැකිය.
මෙම රෝගය කැස්ස හෝ කිවිසුම් යෑම මඟින් පිටවන කෙළ බිඳිති සහ ආශ්‍රිත ස්පර්ශය මෙන්ම අපිරිසිදු ජලය පානය කිරීම තුළින් ද බෝ විය හැකිය.
රෝගය පාලනය කරගැනීම සඳහා පානය සඳහා උණු කර නිවාගත් ජලය පමණක් භාවිතා කිරීම, මුඛ ආවරණ පැළඳීම සහ නිවසේ පිළියෙල කරගත් පිරිසිදු ආහාර පමණක් පරිභෝජනය කිරීම ඉතා වැදගත් වේ. රෝග ලක්ෂණ දුටු වහාම මිථ්‍යා මතවලට නොරැවටී, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟම ඇති රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටියි.
මේ වන විටත් වැලිමඩ මූලික රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, තවත් පිරිසක් සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.














