ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව ‘දුල් හජ්’ මස දසවැනි දිනයේදී මෙම උත්සවය පවත්වනු ලබයි.
ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහ අතුරින් අවසන් වගකීම වන්නේ හජ් වන්දනාවයි. නබි නායකතුමාණන්ගේ ඉගැන්වීම්වලට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කෙරේ.














