මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ, ලුණුපැහිච්චාව ගම්මානයේ කිකිළිගේ වැව වෙල් යායේ තිබූ වගා ළිඳකින් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබේ. මියගොස් ඇත්තේ අඩි 07ක් පමණ උසැති, වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි සතෙකි.
ගම්වාසීන් පවසන පරිදි මෙම අලියා දීර්ඝ කාලයක් තිස්සේ පාදයක පැවැති ආබාධයකින් සහ තුවාලයකින් දැඩි පීඩාවට පත්ව සිටි අයෙකි. සිය තුවාලවල දරුණු වේදනාව සමනය කර ගැනීමේ අරමුණින් මෙම වන අලියා වගා ළිඳට බැස සිට ඇති අතර, එහිදීම සතා මියගොස් ඇත. දින කිහිපයක් ගතවීමෙන් පසු සිරුරෙන් හමා ආ දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙම අවාසනාවන්ත සිදුවීම දැක ඒ පිළිබඳව දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
















