මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (29) දින ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හරහා දේශීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කරන අතරම, ප්‍රධාන නගර සම්බන්ධ කරමින් ගමනාගමන තදබදය අවම කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් කඩිනම් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි. මෙම මාර්ග කොටස නිමාවීමත් සමඟ කන්ද උඩරට සහ සෙසු ප්‍රදේශ අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
















