ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අද (28) දිනට යෙදී ඇත. මෙම උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
අද දින සමරනු ලබන මෙම හජ් උත්සවය මගින් මුස්ලිම් බැතිමතුන්ගේ ආගමික සහ අධ්‍යාත්මික වටිනාකම් මෙන්ම සහෝදරත්වය ද තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මන්ත්‍රීවරයා සිය සුබ පැතුම් පණිවිඩය මගින් ප්‍රකාශ කර සිටියි.














