ඉකුත් 26 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන විදේශීය කොටස් අලෙවියක් වාර්තා වී තිබේ. එදින රුපියල් බිලියන 3.03ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලායෑමක් (Foreign Outflow) සටහන් වීම විශේෂත්වයකි.
එදින වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.92ක ඉහළ අගයක් වාර්තා කළ අතර, විදේශීය ආයෝජකයින්ගේ ඉහළ විකුණුම් හමුවේ වෙළෙඳපොළේ සක්‍රීය දායකත්වය දේශීය ආයෝජකයින් විසින් සපයා තිබේ.














