පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සහ අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්තවල නීතිපතිවරුන් විසිනි.
තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන නිව් ජර්සි ක්‍රීඩාංගණය ඇතුළු තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශපත්‍ර මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මෙම විමර්ශනය ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත. ප්‍රවේශපත්‍ර සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ මිලක් අය කිරීම සහ මිල ගණන්වල පවතින විෂමතා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.















