ඉන්දියාවේ කොල්කටාහි ඉදිකර ඇති අඩි 70ක් පමණ උසැති ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ ප්‍රතිමාව ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. සුළඟේ බලපෑම මත මෙම ප්‍රතිමාව සෙලවෙන බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසී ඉන්දියාවේ සිදුකළ සංචාරයට සමගාමීව විවෘත කළ මෙම ප්‍රතිමාව, අනාරක්ෂිත බවට ප්‍රදේශවාසීන් විසින් කළ පැමිණිලි මත පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියෝග කර ඇත. මෙම ප්‍රතිමාව කාර්යබහුල උමං මාර්ගයකට ආසන්නයේ පිහිටා ඇති බැවින්, ජනතාවට එම ප්‍රදේශය හරහා ගමන් කිරීමද තහනම් කර තිබේ. දින 27ක් ඇතුළත පුද්ගලයන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එකලස් කළ මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සඳහා මේ වන විට විකල්ප ස්ථානයක් සොයමින් පවතින බව වාර්තා වේ.
















