කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන, නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල අතහැර දමා තිබියදී මෙම මෝටර් රථය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින්, මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් පවසයි.















