හජ් උත්සවයට සමගාමීව වතුකරයේ පැවැත්වෙන ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී අද (28) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි මොහම්මඩ් සහජාන් මවුලවිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා වතුකරයේ විසිරී සිටින මුස්ලිම් බැතිමතුන් මෙන්ම විදේශීය මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ. යාඥාව පැවති ජුම්මා මුස්ලිම් පල්ලිය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.















