පෙරපාසල් අධ්‍යාපනය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. අකුරැස්ස, මාලිම්බඩ, දෙනිපිටිය සහ අතුරලිය යන කොට්ඨාශවල පෙරපාසල් ලියාපදිංචි කිරීමේ සහතික ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙම වැඩසටහනේදී ලියාපදිංචි සියලුම පෙරපාසල් සඳහා රුපියල් 6000 බැගින් දීමනාවක් ලබාදීමට පියවර ගත් අතර, පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කෙරෙමින් පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.















