මඩකලපුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් කුලියට ගෙන, පසුව රියදුරුව සිහිසුන් කර ඔහුගේ රන් ආභරණ, මුදල් සහ ජංගම දුරකථන කොල්ලකා පලා ගිය පුවතක් වාර්තා වේ.
ඊයේ (2026.05.28) රිටිතැන්න වනාන්තර ප්‍රදේශයේ කෝමා තත්ත්වයේ සිටියදී මෙම රියදුරුව බේරාගෙන රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. කොල්ලකරුවන් විසින් රියදුරුට නිර්වින්දනය කර මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියත් සමඟ ත්‍රීරෝද රථ රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සහ හඳුනා නොගත් පුද්ගලයින් විසින් දුර බැහැර ස්ථානවලට කුලී ගමන් ලබා ගන්නා විට අතිශයින්ම පරෙස්සම් වන ලෙසත්, සැකකටයුතු හැසිරීමක් දුටුවහොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
















