දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම මැඩලීම, ඉල්ලුම පාලනය කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජා බලය ගොඩනැංවීම අරමුණු කරගනිමින් 2025.10.30 දින සිට ශ්‍රී ලංකා පොලිසිය විසින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම මෙහෙයුමේ 2026.05.28 දිනට අදාළ දෛනික වාර්තාව පහත දැක්වේ.
හෙරොයින් ග්‍රෑම් 415 සහ මිලිග්‍රෑම් 288ක්, අයිස් කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 935 මිලිග්‍රෑම් 347ක්, කොකේන් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 1ක්, ගංජා ග්‍රෑම් 714 මිලිග්‍රෑම් 179ක්, ගංජා පැළ 21,977ක්, කුෂ් ග්‍රෑම් 82ක්, හෂීෂ් ග්‍රෑම් 584ක්, මත්පෙති 1,963ක්, මනෝ වෛද්‍ය ද්‍රව්‍ය ග්‍රෑම් 116ක් සහ මාලා ග්‍රෑම් 99ක් ලෙස වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 902ක් වන අතර වැටලීම් එකතුව 897කි. ඉන් සැකකරුවන් 05 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් සංඛ්‍යාව සහ පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව පිළිබඳ දත්ත මෙතෙක් ලැබී නොමැත.
















