ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී, සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ පෙනී සිටි එම නීතිඥවරුන් දෙදෙනාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේ, අධිකරණයෙන් නොතීසියක් ලැබුණහොත් ඒ අනුව අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ සාක්ෂි විභාග කිරීම අද (29) සිදුකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
















