ශ්‍රී ලංකාවේ මර්සිඩීස්-බෙන්ස් රථ සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන දීමෝ (DIMO) සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “MercedesTrophy 2026” ගොල්ෆ් තරගාවලිය මෙවරත් ජූනි 6 වැනිදා නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී පැවැත්වීමට නියමිතය.
දීමෝ මර්සිඩීස්-බෙන්ස් පාරිභෝගිකයින් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම තරගාවලිය, 1939 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මර්සිඩීස්-බෙන්ස් සන්නාමය දිනාගෙන ඇති ගෞරවය, නිරවද්‍යතාවය සහ උරුමය සමරන සුවිශේෂී අවස්ථාවකි.
මර්සිඩීස්-බෙන්ස් සන්නාමය සිය 140 වැනි වාර්ෂික නවෝත්පාදන සහ ඉංජිනේරු නායකත්වය සනිටුහන් කරන අතරතුර, MercedesTrophy තරගාවලිය ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම සුවිශේෂී ඉසව්ව ලෙස සිය 32 වැනි සංවත්සරය මෙවර සැමරීම විශේෂත්වයකි. මෙම සන්ධිස්ථානයන් මගින් මෝටර් රථ ක්ෂේත්‍රය තුළ පවතින උසස් නිපුණතාවය, කාර්ය සාධනය සහ සුඛෝපභෝගීත්වය මැනවින් විදහා දැක්වේ.
සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් සමඟ සම්බන්ධ වී පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ වඩාත්ම ගෞරවනීය ආධුනික ගොල්ෆ් තරගාවලියක් ලෙස සැලකෙන MercedesTrophy, ක්‍රීඩාවට පමණක් සීමා නොවී නවීනත්වය, සුවිශේෂී බව සහ උසස් කාර්ය සාධනය යන අගයන් ද නියෝජනය කරයි.
















