රාගම පුනරුත්ථාපන රෝහලේ බලධාරීන් කළ ඉල්ලීමකට අනුව, එම රෝහලේ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා රාගම පුනරුත්ථාපන රෝහලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය.එම වැඩසටහනේ කොටසක් ලෙස, නවීකරණය කරන ලද වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර නැවත රෝහලට බාර දීම අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුවිය.
















