තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් වැඩසටහන යටතේ, මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 109 ක් සඳහා නව නිවාස ඉදි කිරීමට කටයුතු යොදා ඇත.මෙම නිවාස ඉදිකිරීම සඳහා අදාළ චෙක්පත් පවුල් වෙත භාරදීම මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
















