දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු ලෙස සැක කෙරෙන සහ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමඟ නාවලපිටිය පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන ඇත.පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමක් සිදු කර ඇති අතර, එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙකු නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















