මධ්‍යම අධිවේගී මාර්ගයේ (Central Expressway) තෙවන අදියරේ දෙවන පියවර යටතේ ක්‍රියාත්මක, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදිය.මෙම ව්‍යාපෘතිය යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18.7 ක දුරක් සහිත මාර්ග කොටසක් ඉදි කිරීමට නියමිත වේ.
















