2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 28 වැනිදා දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,010,807ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මැයි මස ආරම්භයේ සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 134,530කි. එම මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එම අගය 56,063කි. දෙවැනි සහ තෙවැනි ස්ථාන එක්සත් රාජධානිය (8,582) සහ චීනය (8,439) ලෙස සටහන් වේ.
වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 277,327කි. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයෙන් පසුව මාසික සංචාරක පැමිණීමේ යම් අඩුවීමක් වාර්තා වී ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
















