කියුබාව ආර්ථික වශයෙන් හුදකලා කිරීමේ අමෙරිකානු උපක්‍රමයේ කොටසක් ලෙස එරට තුළ හිතාමතාම කුසගින්න ඇති කිරීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටින බව නිව්යෝර්ක් සිටි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනී ෂෝ පවසයි. ආර්.ටී. (RT) නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ කියුබාවේ පවතින අස්ථාවරත්වයට ප්‍රධානතම හේතුව අමෙරිකාව බවයි.
මෑතකදී කියුබාවේ සිදුකළ සංචාරයකින් අනතුරුව මෙම අදහස් පළ කර ඇති මහාචාර්යවරයා, ගතවූ වසර 67ක කාලය පුරාම අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කියුබානු ආර්ථිකය මෙන්ම සමාජීය ස්ථාවරත්වය මුළුමනින්ම කඩාකප්පල් කිරීම සඳහා බව සඳහන් කරයි. කියුබානු ජනතාවට දිනකට පරිභෝජනය කිරීමට ලැබෙන කැලරි ප්‍රමාණය පහත හෙළීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සී.අයි.ඒ. (CIA) සංවිධානය කටයුතු කරමින් සිටින බවත්, තමන් කියුබාවේ සංචාරය කරන විට එරට ජනතාව මුහුණ දෙන දැඩි කුසගින්න, බලාපොරොත්තු සුන්වීම, පීඩනය මෙන්ම පානීය ජල හිඟය ඇතුළු දුෂ්කරතා රැසක් සියැසින්ම දුටු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.















