ශිෂ්‍යයන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු සඳහා සමාජ මාධ්‍ය සමාගම් වගකිව යුතු බවට ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ බ්‍රෙතිට් කවුන්ටි පාසල් දිස්ත්‍රික්කය විසින් ගොනු කරන ලද නඩුවකින් එම පාසල් දිස්ත්‍රික්කයට ඩොලර් මිලියන 27ක වන්දියක් ලබා ගැනීමට හැකි වී තිබේ. මෙම නඩුවේදී වැඩිම වන්දි මුදලක් ගෙවීමට මෙටා සමාගම එකඟ වී ඇති අතර එම මුදල ඩොලර් මිලියන 9කි. ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් සහ වට්ස්ඇප් සතු මෙටා සමාගම මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ජුනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නඩු විභාගයට සති කිහිපයකට පෙරය. මීට අමතරව ස්නැප් ඉන්කෝපරේටඩ් ඇල්ෆබෙට් සමාගම සහ බයිට්ඩෑන්ස් සමාගම ද මීට පෙර අදාළ පාසල් දිස්ත්‍රික්කය සමඟ වන්දි ගෙවීමේ එකඟතාවන්ට පැමිණ තිබුණි. කෙසේ වෙතත් මෙම කිසිදු සමාගමක් තම වරද පිළිගැනීමක් සිදු කර නොමැති අතර සමාජ මාධ්‍ය වේදිකාවල කිසිදු වෙනසක් සිදු කිරීමට ද එකඟ වී නොමැත. තරුණ සහ නව යොවුන් වියේ පරිශීලකයන් ආරක්ෂා කිරීම සඳහා තමන් දැනටමත් පුළුල් පියවර ගෙන ඇති බව පවසන අදාළ සමාගම් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ද තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.
















