මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් SLT-MOBITEL Enterprise විසින් සංවිධානය කළ ‘SmartChat Mega – Kandy’ ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හෝටලයේදී සාර්ථකව පවත්වා තිබේ. ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් නවීන ව්‍යාපාරික විසඳුම් දේශීය ව්‍යාපාර වෙත සමීප කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 200කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වූ අතර, ඔවුන්ට SLT-MOBITEL ඉංජිනේරුවන් සහ විශේෂඥයින් සමඟ සෘජුවම සම්බන්ධ වී තම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ගැළපෙන තාක්ෂණික විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිණි. Cloud, IoT, Enterprise Mobility විසඳුම්, සුරක්ෂිත ව්‍යාපාරික පදනම් සහ සහයෝගීත්ව මෙවලම් ඇතුළු අංශ රැසක් ආවරණය වන පරිදි ප්‍රදර්ශන කුටි 8ක් මෙහි ස්ථාපිත කර තිබුණි.
මෙම වැඩසටහන තුළින් ව්‍යාපාරිකයන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් තම මෙහෙයුම් කාර්යක්ෂම කරගන්නා ආකාරය, පිරිවැය අවම කරගැනීම සහ වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ තරගකාරීව කටයුතු කරන ආකාරය පිළිබඳව මනා මඟපෙන්වීමක් ලබා දෙන ලදී. රට පුරා ව්‍යාපාර ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින් SLT-MOBITEL Enterprise මෙවැනි වැඩසටහන් රටේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.
















