අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වතිකාන තානාපතිවරයා ලෙස අලුතින් පත්වූ මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් (Msgr. Andriej Jozowicz) පියතුමන් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ වතිකානය අතර කාලයක් තිස්සේ පවතින මිත්‍රත්වය සහ අධ්‍යාත්මික බැඳීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය තානාපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. තවද, කතෝලික සභාවේ නව නායකත්වය යටතේ දෙරට අතර පවතින සබඳතා අනාගතයේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ඒ සඳහා කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
















