ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ පිහිටි මවුන්ට් මැකින්ලි (Mount McKinley) කන්ද තරණය කරමින් සිටි ලැට්වියානු කඳු නගින්නන් තිදෙනෙකු ඇද වැටීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමක් මෙලෙස කන්ද තරණය කරමින් සිටියදී ඉන් සිව්දෙනෙකු පසුගිය 27 වැනිදා මෙම අනතුරට මුහුණ දී ඇත. ඉන් එක් සාමාජිකයෙකු දිවි ගලවා ගැනීමට සමත් වී ඇති අතර, අනෙක් තිදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මේ වන විට මියගිය කඳු නගින්නන්ගේ සිරුරු සොයාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















