ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ, නෙවාර්ක් (Newark) නුවර පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක් අසල දින ගණනාවක් පුරා පැවති නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම් පාලනය කිරීම සඳහා ප්‍රාන්ත පොලිසිය මැදිහත් වී තිබේ. ඩෙලනි හෝල් (Delaney Hall) නමින් හැඳින්වෙන, පෞද්ගලික සමාගමක් වන ‘ජියෝ ගෘප්’ (Geo Group) මගින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය අසල විරෝධතාකරුවන් සහ ෆෙඩරල් ආගමන විගමන නිලධාරීන් අතර සතියක් පුරා ගැටුම් හටගෙන තිබුණි.
මෙම මධ්‍යස්ථානයේ පවතින අනාරක්ෂිත සහ සනීපාරක්ෂක නොවන කොන්දේසි සම්බන්ධයෙන් වාර්තා වීමත් සමඟ විරෝධතා ආරම්භ විය. ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකාර මිකී ෂෙරිල් මහත්මිය විසින් මෙම පියවර ගනු ලැබුවේ උත්සන්න වෙමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමේ අරමුණෙනි. ආණ්ඩුකාරවරියගේ මෙම තීරණය “නීතිය හා සාමය තහවුරු කිරීමේ ජයග්‍රහණයක්” ලෙස අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරයා විසින් අගය කර තිබේ.
















