කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ඊයේ (29) කුරුණෑගල මලියදේව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති රගර් තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් ක්‍රීඩකයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
තරගය පැවැත්වෙන අතරතුර දෙපිළේ ක්‍රීඩකයින් අතර හටගත් සිදුවීමක් මත මෙම ගැටුම නිර්මාණය වී ඇති අතර, එය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්වීමෙන් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ද ඊට මැදිහත් වී ඇත. ගැටුමෙන් තුවාල ලැබූ මලියදේව විද්‍යාලයේ ක්‍රීඩකයින් හයදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















