මඩකලපුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක අද (30) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. අද අලුයම 06.00 ට පමණ බැංකු පරිශ්‍රයෙන් දුම් සහ ගිනි ජාලා පිටවනු දැක ප්‍රදේශවාසීන් විසින් වහාම ගිනි නිවන ඒකකයට සහ පොලීසියට දැනුම් දී ඇත.
මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ දැඩි පරිශ්‍රමයකින් පසුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. සිදුකළ මූලික විමර්ශනවලදී මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව අනාවරණය වී ඇත.
ගින්නෙන් සිදුවූ දේපළ හානි සහ මුදල් අලාභය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් මෙතෙක් සිදුකර නොමැති අතර, මඩකලපුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















