ත්‍රිකුණාමලය වරායට අයත් අෂ් රොෆ් නැව් තටාකාංගණය තුළ ත්‍රිකුණාමලය වරාය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජැටියේ තුන් පසම නෞකා 3ක් එකවර මෙහෙයුම් කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබේ.
මන්නාරම සුළං විදුලි බලාගාරය වෙත සුළං විදුලි ටවර් 05ක් රැගත් AAL BANGKOK නෞකාව එක් වේදිකාවක තම මෙහෙයුම් කටයුතු සිදු කරයි. ඩුබායි සිට ප්‍රති අපනයනය සඳහා රැගෙන එන ලද ඉදිකිරීම් යකඩ කම්බි ටොන් 17,000ක් HAI LONG 1 නෞකාව මගින් ජැටියේ තවත් වේදිකාවක් මත මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. සිමෙන්ති සමාගම සඳහා ඉන්දුනීසියාවේ සිට රැගෙන එන ලද ගල් අඟුරු ටොන් 55,000ක් UNIWELL නෞකාව මගින් අෂ් රොෆ් ජැටියේ අනෙක් කොටසේදී ගොඩබානු ලබයි.වරාය අධිකාරියේ කළමනාකරු සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය වරායේ මෙලෙස එකවර නෞකාවන් 3ක් මෙහෙයුම් කටයුතුවල නිරත වූ පළමු අවස්ථාව මෙය බවයි. මෙම මෙහෙයුම් මගින් රුපියල් මිලියන 300කට වැඩි ආදායමක්ද ලැබී ඇත.
















