ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘ගම් දහසක වැඩ දහසක්’ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළ ප්‍රධාන සමාරම්භක උත්සවය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්විණි. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ හෙළ බොජුන්හලක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ 85ක් වෙන් කර තිබේ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 22ක් මෙහිදී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් නව කෝටි හැට දෙලක්ෂ පනස් දහසකි (රු. 96,250,000). මෙම ව්‍යාපෘති අවසන් වීමෙන් පසු පුද්ගලයින් 3170 දෙනෙකුට සෘජු ප්‍රතිලාභද, 14,660 දෙනෙකුට වක්‍ර ප්‍රතිලාභද හිමි වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති ලලිත් තිස්ස කුමාර, දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.
















