සුහද සංචාරයක් සඳහා පසුගිය ජුනි මස 01 වැනි දින දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ යන නෞකාවන් සහ ‘PNS/M HANGOR’ සබ්මැරීනය සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 ජුනි මස 04 වැනි දින දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායෙන් පිටත්ව ගිය මෙම නෞකාවන් සහ සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කරන ලදී.
මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළදී, එහි අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවීම් කිහිපයක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මෙම නෞකාවන් සහ සබ්මැරීනය නැරඹීම සඳහා අවස්ථාව හිමි වූ අතර, පාකිස්ථානු නාවික කාර්ය මණ්ඩලය දිවයිනේ සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කළහ.
















