පසුගිය දින නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේදී දිරාපත්ව තිබූ විශාල ගසක් ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට කඩාවැටීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පාසල් සිසුවා, ඔහුගේ මව සහ අසල්වැසි කාන්තාවගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරිණි.
නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නගරය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මෙසේ ගස කඩාවැටීමෙන් මෙම තිදෙනා ජීවිතක්ෂයට පත්වූයේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. මෙම සිදුවීම මුළු මහත් ප්‍රදේශයම දැඩි ශෝකයට පත් කර තිබූ අතර, අද දින පැවති අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම අවාසනාවන්ත අනතුරෙන් අකාලයේ දිවි අහිමි වූ මව සහ දරුවා මෙන්ම අසල්වැසි කාන්තාව වෙනුවෙන් ප්‍රදේශවාසීන් සිය අවසන් ගෞරවය පුද කළේ ඉමහත් සංවේගයෙනි.
















