කෙතරම් බාධක සහ අභියෝග පැමිණියත් වත්මන් රජය ජනතාව වෙනුවෙන් දියත් කර ඇති වැඩපිළිවෙළ කිසිසේත් නතර නොකර අඛණ්ඩව ඉදිරියටම රැගෙන යන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවැති ජනතාව දැනුවත් කිරීමේ විශේෂ නියමු වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“පිරිසිදු හා සුරක්ෂිත මොරටුවක්” යන තේමාව මුල් කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එහිදී නව ගාලුපාර දෙපස පදිංචිව සිටින ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
















