පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ විමර්ශන කටයුතු කිසිදු හේතුවක් මත නතර නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා රජයෙන් හදිසි ඉල්ලීමක් කරයි. අගරදගුරු නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා මේ බව සඳහන් කළේය.
මෙම විමර්ශන ක්‍රියාවලිය විවිධ පාර්ශ්වයන් විසින් කඩාකප්පල් කිරීමට මේ වන විට දැඩි උත්සාහයක් දරමින් සිටින බව පෙන්වා දුන් සිරිල් ගාමිණී පියතුමා, කුමන බලපෑම් හෝ හේතූන් මත විමර්ශන නතර කිරීමට පියවර ගතහොත් එය පාස්කු ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස පීඩාවට පත් වූ සමස්ත වින්දිතයන්ට කරනු ලබන දැඩි අසාධාරණයක් සහ ද්‍රෝහිකමක් වන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
















