ඉරානය සමඟ මේ වන විට පවතින උණුසුම් යුද ගැටුම් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර “විශිෂ්ට එකඟතාවක්” ඇති කරගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම එකඟතාවට අදාළ ලේඛන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, එළඹෙන සති අන්තයේ යුරෝපයේදී නිල වශයෙන් ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසා ඇත. මෙම තීරණයත් සමඟ කලාපීය යුද උණුසුම පහව යනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් බලාපොරොත්තු පළ කරයි.
















