2026 ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමීව, ඇමරිකා එක්සත් ජනපද රජයේ පූර්ණ සහයෝගය ඇතිව වොෂිංටන් ඩී.සී. හි පිහිටි ධවල මන්දිරයේ විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එම අවස්ථාව සඳහා ථේරවාද බෞද්ධ සමාජය නියෝජනය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විනිශ්චය සංඝනායක, අති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ සහ නිව්යෝර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
බෞද්ධ දර්ශනයේ සාමය, කරුණාව සහ අහිංසාවාදය වැනි උතුම් ගුණාංග ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙවැනි උත්සව, බෞද්ධ සංස්කෘතිය සහ වටිනාකම් ජාත්‍යන්තර තලයේ ඉහළින් ඔසවා තැබීමට මහත් පිටුවහලක් වේ.
















