දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩකවෙල, මාකදුර, බස්නකන්ද ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ පදිංචි පවුල් හයක සාමාජිකයන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
අධික වර්ෂාවත් සමඟ කඳු මුදුනෙන් විශාල ප්‍රමාණයේ ගස් කිහිපයක් කඩා වැටී ඇති අතර, පවතින තත්ත්වය අනුව ඉදිරියේදී විශාල ගල් පෙරළී ඒමේ අවදානමක් ද පවතින බව හඳුනාගෙන ඇත. ජන ජීවිතයට ඇතිවිය හැකි තර්ජන අවම කර ගැනීම සඳහා අදාළ නිවාසවල පදිංචි පිරිස මෙලෙස කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.















