මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ නියෝගය ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නිවේදනය කළේය.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතාත්, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාත් කරුණු ඉදිරිපත් කළහ. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාග කොට අවසන් කිරීමෙන් අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරිණි.
















