සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්ම යන බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් (Andalib Elias) සහ බෙල්ජියම් තානාපති දීඩියර් වැන්ඩර්හසෙල්ට් (Didier Vanderhasselt) යන මහත්වරු අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වූහ.
මෙම හමුවේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා දැක්වූ දායකත්වය අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් දෙරටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
බෙල්ජියම් තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී, ඔහුගේ ධුර කාලය තුළ දෙරට අතර පැවති ධනාත්මක සහයෝගීතාව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ තානාපති කාර්යාල නියෝජිතයෝ එක්ව සිටියහ.
















