වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම ‘ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්’ (Zero-tolerance policy) අනුගමනය කරන බව විදේශ කටයු_තු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ විශේෂ නියෝජිත පිරිසක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළ කරුණු කිහිපයක් පහත දැක්වේ.
මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් දැනටමත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතී.
ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් නවයටම පාර්ශ්වකරුවකු වන අතර, මෙම සංචාරය හරහා රජය ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම්වලට අනුකූලව කටයුතු කිරීමට ඇති කැපවීම මනාව පිළිබිඹු වේ.
මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත් සහ යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය නොසැලෙන කැපවීමකින් කටයුතු කරයි.
මෙම අනුකමිටුව සමඟ විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ පූර්ණ සහයෝගය ලබා දීමටත් කටයුතු සූදානම් කර ඇත.
වධහිංසාවට සහ අනෙකුත් අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට (OPCAT) ශ්‍රී ලංකාව 2017 වසරේදී අත්සන් තැබීය. අයිෂා ෂුජූන් මුහම්මද් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාව සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ උසස් රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
















