හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා වත්මන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂය නිල වශයෙන් නිවේදනය කර තිබේ. පක්ෂයේ අභ්‍යන්තර තීරණ සහ සාමාජිකත්වය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙම කරුණ පැහැදිලි කර ඇත.
මෙම නිවේදනය මගින් අවධාරණය කරන්නේ, කිසිදු අවස්ථාවක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පක්ෂයේ වත්මන් සාමාජික ලේඛනයේ නොමැති බවයි. ඒ අනුව ඔහු පක්ෂය නියෝජනය කරමින් කිසිදු ප්‍රකාශයක් හෝ කටයුත්තක් සිදුකිරීම පක්ෂයේ නිල තීරණයක් ලෙස නොසලකන බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් දැනුම් දී ඇත.
















